Home » නැඟෙනහිර පාසල් සිසුන් තරුණයන් ඉලක්ක කරගෙන මත්කරල් බෙදාහරින්නෙක් මාට්ටු

නැඟෙනහිර පාසල් සිසුන් තරුණයන් ඉලක්ක කරගෙන මත්කරල් බෙදාහරින්නෙක් මාට්ටු

by mahesh
December 1, 2023 1:00 am 0 comment

දිගාමඩුල්ල විශේෂ - වසන්ත චන්ද්‍රපාල

නැඟෙනහිර පළාතේ පාසල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගෙන මහා පරිමාණ මත්කරල් බෙදා හරින්නෙකු ප්‍රදේශයේ වාලච්චේන පොලිස් වසමේ බිරන්දරච්චේන ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර පෙරේදා (29) පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්කරල් 2,500ක් සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හමුවී තිබේ. මොහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මඩකලපුව අරසඩි, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT