Saturday, May 3, 2025
Home » රන් බිස්කට් කිලෝ 8ක් රාමේස්වරන් මුහුදේ දී රේගු දැලේ

රන් බිස්කට් කිලෝ 8ක් රාමේස්වරන් මුහුදේ දී රේගු දැලේ

by mahesh
December 1, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

මන්නාරමේ සිට රාමේස්වරන් දක්වා බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි පහක් පමණ වටිනා රත්තරන් බිස්කට් කිලෝ 8කට වැඩි ප්‍රමාණයක් රාමේස්වරන් රේගු නිලධාරින් විසින් වෙරළාරක්ෂක පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටුවකින් රත්තරන් තොගයක් රැගෙන යන බවට රාමේස්වරන් රේගු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත රේගු නිලධාරීන් පිරිසක් ඉන්දීය වෙරළාරක්ෂක පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව බෝට්ටුවකින් මුහුද මැදට ගොස් තිබේ.

ඒ අවස්ඨාවේදී බෝට්ටුවේ සිටි අය බෝට්ටුවේ දිශාව වෙනස් කොට අධික වේගයෙන් වෙනත් දිශාවකට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් බෝට්ටුවට නවතින ලෙස සංඥා කොට වෙඩි තබා ඇත.

ඒ අවස්ථාවේදී බෝට්ටුව අතහැර සැකකරුවන් මුහුදට පැන පීනා පලා ගොස් ඇති අතර බෝට්ටුව පරීක්ෂා කිරීමේදී ඒ තුළ ප්ලාස්ටික් උරවල දමා තිබූ රත්තරන් බිස්කට් තොගය හමු වී තිබේ.

සැකකරුවන් තුන් දෙනා පීනා ගොස් වෙනත් බෝට්ටුවක නැඟී යන්නට සැලසුම් කොට තිබෙන්නට ඇතැයි ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය සැක කරනු ලබයි.

රාමේස්වරන් රේගුව හා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT