Home » රාගමදී ‘කුඩු නිලූ’ අත්අඩංගුවට

රාගමදී ‘කුඩු නිලූ’ අත්අඩංගුවට

පියාත්, ස්වාමියාත්, පුතාත්, කුඩුවලට බන්ධනාගාරයේ

by mahesh
December 1, 2023 1:00 am 0 comment

ජාඇළ විශේෂ - තිස්ස කොටින්කඩුව

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමඟ ත්‍රීවීලරයකින් යමින් සිටි කාන්තාවක් රාගම නගරයේදී ඊයේ (30) දින අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලන්ති හෙවත් ‘කුඩු නිලූ‘ නමැති අන්වර්ථ නාමයකින් හැඳින්වෙන 43 හැවිරිදි කාන්තාවකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනා මත මීට පෙර කිහිප වතාවක් අධිකරණය ඉදිරියේ වැරැදිකරුවී බන්ධනාගාරගතව සිටි අයෙකු බවත් මේ වන විට ඇගේ පියාත්, ස්වාමි පුරුෂයා මෙන්ම පුතාත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදී අධිකරණයෙන් වරදකරුවන් බවට තීන්දු වී බන්ධනාගාරගතව සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකාරිය විදේශගතව සිට මීට මාස තුනකට ප්‍රථම යළි දිවයිනට පැමිණ ඇති බව ද ඒ අතර ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත.

සැකකාරිය වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT