Tuesday, May 13, 2025
Home » තහනම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසල් හතක් වටලා 2කට මුද්‍රා තබයි

තහනම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසල් හතක් වටලා 2කට මුද්‍රා තබයි

by mahesh
December 1, 2023 12:58 am 0 comment

මාතලේ මධ්‍යම සමූහ - සිරි අබයසිරි

මාතලේ නගරයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ මාවා, බාබුල්, තුල් ඇතුළු තහනම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ලද වෙළෙඳසල් හතක් වටලා වෙළෙඳසල් දෙකට මුද්‍රා තැබීමට මාතලේ මහ නගර සභාව ඉකුත් 28 වැනිදා පියවර ගෙන තිබේ.

මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අඹගහමුල බස් නැවතුම්පොළ, නුගගහමුල බස්නැවතුම්පොළ හා රෝස වීදිය ඇතුළු ප්‍රදේශ රැසක දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරන වෙළෙඳ සැල් මුවාවෙන් තහනම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ලද බවට මාතලේ මහ නගර සභාවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම් මාතලේ මහ නගර සභා ආදායම් අංශය හා වැටලීම් අංශය එක්ව සිදුකර තිබේ.

එම වැටලීමේදී වෙළෙඳ සැල් 7ක් තුළ තිබූ තහනම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍ර නීති උල්ලංඝණය කර පවත්වාගෙන ගිය වෙළෙඳ සැල් දෙකක් මුද්‍රා තැබීමට මාතලේ මහ නගර සභාව පියවර ගෙන ඇත. මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මායාදුන්නගේගේ උපදෙස් මත ප්‍රධාන ආදායම් පරීක්ෂක වසන්ත අබයරත්න, ආදායම් පරීක්ෂකවරුන් නොයන චාලක අබේකෝන්, උදේ කුමාර හා උමන්ද ලියනගේ යන මහත්වරුන් හා වැටලීම් අංශ නිලධාරීන් අසංක ප්‍රනාන්දු, රොෂාන් බෝගොඩ මහතා, ඒ. දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් තහනම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන හා අදාළ සැකකරුවන් මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT