Home » කුකුළකු ළිඳට වැටුණැයි අල්ලපු ගෙදර අයෙකුගේ පපුවට බෝතලයකින් අනී

කුකුළකු ළිඳට වැටුණැයි අල්ලපු ගෙදර අයෙකුගේ පපුවට බෝතලයකින් අනී

by mahesh
December 1, 2023 1:00 am 0 comment

කළුතර මධ්‍යම සමූහ - සුනිල් ස්ටැන්ලි පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

බීමට වතුර ලබා ගන්නා ළිඳකට කුකුළෙකු වැටී තිබීම නිසා ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු එක් අයෙකු බෝතලයක් කඩා පහරදීමෙන් තුවාල ලැබූ අයෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි අළුත්ගම පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අළුත්ගම, ධර්ගා නගරය, පැණිබැන්ඳගොඩ පදිංචිකරුවෙකු වූ චමින්ද ප්‍රදීප් මංජුල අබේරත්න නම්වූ අයෙකි.

41 හැවිරිදි තිනූෂා මල්කාන්ති විතාන යන අය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ තම සැමියා බවත් සැකකරුද තම නිවස ආසන්නයේම පදිංචිකරුවෙකු බවත්ය.

දෙපිරිසම වතුර ගන්නේ එක් ළිඳකින් බවත් පෙරේදා (29) එම ළිඳට කුකුළෙකු වැටී සිටීම නිසා උරණ වූ සැකකරු තමනට බැණ වැදුණු බවත්, කුකුළා තමාගේ නොවන නිසා තමන්ද බැණ වැදුණු බවත් එවිට සැකකරු බෝතලයක් කඩා ඉන් සැමියාගේ බෙල්ලට, බඩට හා පිටට පහර දුන් බවත් ඇය කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT