Thursday, May 8, 2025
Home » ශිෂ්‍යත්වයෙන් කොළඹ මුල්තැන සිරිමාවෝ බාලිකාවේ සහන්මිට

ශිෂ්‍යත්වයෙන් කොළඹ මුල්තැන සිරිමාවෝ බාලිකාවේ සහන්මිට

by mahesh
December 1, 2023 1:00 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබන සහන්මි ඩියන්සා පෙරේරා පසුගිය පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197 ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය හිමි කර ගෙන ඇත. එමෙන්ම ඇය ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට ලකුණු ලබා ගත් කිහිප දෙනා අතරේ ද සිටියි.

සහන්මි කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් මහතාගේ දියණියකි. ඇය මුල් ළමාවිය අධ්‍යාපනය ලබා ඇත්තේ ජපානයේ ය. ඒ සිය පියා එහි අධ්‍යයන කටයුතු වල යෙදී සිටි කාලයේ දී ය. ඇය 3 වසරේ සිට මෙම පාසලේ ඉගෙනුම ලබමින් සිටියි. තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ සහන්මි මෙසේ පවසයි. Òමම පන්තියේ වැඩ ඉතා උනන්දුවෙන් කරගෙන ගියා. විභාගයට කියලා ලොකු වෙහෙසක් ගත්තේ නැහැ. පිඩනයක් නැතුව සැහැල්ලුවෙන් විභාගයට ලිව්වා. ටියුෂන් ගියේ නැහැ. මගේ පාසලේ විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවිර මහත්මියටත් 5 වසර පන්ති භාර නදිරා සායක්කාර ගුරුතුමියටත් 4 වසර භාර ශ්‍යාමලි කුමානායක යන මහත්මින්ටත් මම බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මගේ මවත් පියාත් මට ඉගෙන ගැනීමට බලකිරීමක් පිඩනයක් ඇති කළේ නැහැÓ.

සහන්මිගේ පියා වන්නේ කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාය. ඒ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය. “දුව පොත් පත් කියවීමට, සංගීතයට අත්කම් නිර්මාණ කිරීමට, කතා ලිවීමට සහ චෙස් ක්‍රීඩාවට දස්කම් දක්වනවා. අක්කා සමඟ එකතු වෙලා ගෙදර දී පාඩම් කටයුතු වල යෙදෙනවා. පරිසරයට සොබා දහමට හරි කැමතියි. බොහොම සැහැල්ලුවෙන් ජිවිතය ගෙවන්න කැමතියි”.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT