Home » මොරගොල්ල හෝටලයේ ටීවී-ප්‍රිජ් හොරකමට හෝටල් සේවකයා සැකපිට

මොරගොල්ල හෝටලයේ ටීවී-ප්‍රිජ් හොරකමට හෝටල් සේවකයා සැකපිට

by mahesh
December 1, 2023 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

අලුත්ගම මොරගල්ල, කළුවාමෝදර යන ප්‍රදේශයේ එකම හිමිකරුවකුට අයත් ආයුර්වේද සංචාරක හෝටලයක් සහ සාමාන්‍ය සංචාරක හෝටලයක් ඇතුළු ආයතන දෙකකට එම හෝටල් කාමරවල යතුරු ද රැගෙන රහසිගතව ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 24ක් පමණ වටිනා රූපවාහිනී යන්ත්‍ර 26ක්, සංචාරක හෝටල් කාමරවල තබන කුඩා ප්‍රමාණයේ ශීතකරණ 11ක් සහ විදුලි කේතල 6ක් ඇතුළු ගෘහ විදුලි උපකරණ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් එහි හිමිකරු අලුත්ගම පොලිසියට (28) කළ පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඊට සම්බන්ධ සැකකරුවකු රූපවාහිනී යන්ත්‍ර දහයක් සමඟ පෙරේදා (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිස් ස්ථානාධිපති රමේශ් රත්නසිංහම් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මෙම හෝටල් දෙකෙහි කලක පටන් විදුලි කාර්මිකයකු ලෙස සේවය කර ඇති, අලුත්ගම පොලිස් වසමේ පදිංචි අයකු බව පොලිසිය පවසයි. සැකකරු සොරාගත් මෙම රූපවාහිනි යන්ත්‍ර ඉතා අඩු මිලට අලුත්ගම, දර්ගා නගරය, ගල්ලේන ආදී ප්‍රදේශ වලට විකුණා තිබිය දී පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ. පැමිණිල්ලේ සඳහන් තවත් රූපවාහිනී යන්ත්‍ර දහසයක්, කුඩා ශීතකරණ එකොළහක් සහ විදුලි කේතලයක් ඇතුළු උපකරණ පොලිස් භාරයට ගැනීමට විමර්ශන සිදුකරන බව අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT