Home » රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙහි ලේ දන්දීමේ පින්කම දා….

රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙහි ලේ දන්දීමේ පින්කම දා….

by mahesh
December 1, 2023 1:00 am 0 comment

දෙහිවල ඩී. පී. හේරත්

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති, ශ්‍රී ලංකා කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ ලේකම්, රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන්ගේ 65 වන ජන්ම දිනය යෙදී තිබුණ පෙරේදා (29) විහාරස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ පින්කමක් මහරගම අපේක්ෂා රෝහලේ ලේ බැංකුව සහභාගීත්වයෙන් සංවිධානය කර තිබිණි.

මෙම වැඩසටහන ගල්කිස්ස පොලිස් උපදේශක කමිටුව, විහාරස්ථාන දායක සභාව, කුළගන සමිතිය, මොරටුව නිවි මොරයිසස් 306/ඒ/1 සිංහ සමාජය එක්ව සංවිධානය කරනු ලැබූ අතර මහරගම අපේක්ෂා රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය එම්. ඩී. රනහංස විජේවර්ධන, වෛද්‍ය මාග්‍රා යන මහතුන් ඇතුලු හෙද නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය, ප්‍රජා පොලිස් කමිටු ලේකම් සිංහ දීප්ති ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් සංවිධානය කරනු ලැබිණ.

මෙම අවස්ථාවට ගල්කිස්ස කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය හිටපු පොලිස් අධිකාරී 1 සමන් ජයසේකර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා, මොරටුව නිව් මොරයිසස් සිංහ සමාජයේ සාමාජික වර්ණනිල කුමාර යන පිරිස් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT