ආරෝපණය කරගත් අධ්‍යාපන ක්‍රමය තුළ අපි ඉලක්කයන් කරා යනවා මිස සංස්කෘතික උරුමයන් පිළිබඳ අවබෝධය අතහැරීම නිසා රට විශාල ප්‍රපාතයකට යනවා යැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 24 වන දින වයඹ පළාත් ශ්‍රවණාගාරයේ දී පැවසීය.
දරුවන් සංස්කෘතික වැඩසටහන්වලින් ඉවත්ව ඇති බවත් සංස්කෘතික සාහිත්‍ය දැනුමක් නැති පිරිසක් ඉන්න රටකින් යහපත් දේ බලාපොරොත්තු විය නොහැකි බවත් තව දුරටත් සඳහන් කළේය.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ සිව් මහා රාජධානි මුල්කරගෙන අංකුර කලාකරුවන් ඇගයීම වෙනුවෙන් වයඹ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සංවිධානයකර තිබූ Òවයඹ විසුල මිණිÓ කලා මහෝත්සවය අමතමිනි. සාහිත්‍යධර අධිනීතිඥ ඩබ්ලිව්. ඒ. අබේසිංහ ශූරීන් විසින් සාහිත්‍යයට කළ අනුපමේය කැපවීම වෙනුවෙන් එතුමන්ට මෙහි දී හරසර පිරිනැමුණි.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ තරඟය ඉසවි 82ක් යටතේ ජයග්‍රාහකයන් සඳහා සම්මාන සහතික පිරිනැමිණි.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේ කීය. යහපත් දරු පිරිසක් බිහිකර ගැනීමට නම් සාහිත්‍ය හා සංස්කෘතිය දැනුම ඒ දරුවන් තුළ ඇති කළ යුතුයි.අධාපනයේ කොටසක් සේ සලකා සංස්කෘතිය පිළිබඳ ඉගෙනීමේ කාර්යභාරය කළ හොත් හොඳ පුරවැසියෙකු බවට පත් වෙන්න පුළුවන්. පොත පතකින් විතරක් පුරවැසියෙකු බවට පත්විය නොහැකියි. දැනුම විතරක් නෙමෙයි, ඔබ සියලු දෙයින් සන්නද්ධ විය යුතුයි. සන්නද්ධ වීමේ දී වඩාත් වැදගත් වන්නේ සාහිත්‍ය හා සංස්කෘතියයි. ඒ සඳහා කැපවී වැඩ කළ යුතුයි.
අපි වෙනත් රටකට ගියොත් ඒ රටේ ඓතිහාසික බව පෙන්වන්න හදන්නේ ආරෝපණය කරලා. අපිට වගේ ප්‍රෞඩ ඉතිහාසයක් නෑ. ඉතිහාසය ඉස්මතුකර සංචාරක ආකර්ෂණය හා වෙළෙඳ පොළ දක්වා රට ගෙන යාමට ඔවුන් විශාල උත්සාහයක් දරනවා. අපිට ඊට වඩා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම ජාතියක් මෙහි ජීවත් වෙනවා. සුළු සංස්කෘතික වෙනස්කම් තියෙනවා. ජාතියක් හැටියට අපිට ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා. පොලොන්නරුව, අනුරාධපුරය, දඹදෙණිය, යාපහුව, කෝට්ටේ වැනි යුගවල ඉතිහාසය කියාපානවා. අපි මතක් කළ යුතුයි මෑත ඉතිහාසයේ ඩබ්ලිව්. ඒ. අබේසිංහ ශූරීන්. එතුමා පොත් 400කට වැඩි ප්‍රමාණයක් එළි දක්වලා ශක්තිය දීලා තිබෙනවා.