ප්‍රවීණ ගී පද රචක සහ ගායන ශිල්පී බන්දුල විජේවීර කලා ශිල්පියාණන්ට දිගාසිරි පතා අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජික කලා ශිල්පීන් සහ ප්‍රදේශයේ කලාකරුවන් එක්ව බන්දුල විජේවීර මහතාගේ නිවසට පුරාණ චාරිත්‍රානුකූල සිරිතට අනුව අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට නෑගම් යාම සිදු කෙරිණි.
එහිදී සංස්කෘතික බල මණ්ඩලයට අයත් සාමාජික කලාකරුවන් සාම්ප්‍රදායික සිංහල කැවිලි පෙවිලි සහ තෑගි බෝග රැගෙන ගොස් දැනට රෝගාතුරව පසු වන බන්දුල විජේවීර මහතාට තිළිණ කර සෙත් පිරිත් දේශනාවකින් පසු නැටුම් ගැයුම් සහ සාම්ප්‍රදායික රබන් සංදර්ශනයක් පැවත්වීමෙන් අනතුරුව ශාන්තිකර්මයන්ගෙන් ද සෙත් පතා දිගාසිරි පැතීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අලව්ව ප්‍රාදේශීය ලේකම් ජී. ඩී. එස්. කේ. ගුණපාල මහත්මියගේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ හා ප්‍රවීණ කලාකරු සමන් ගුණවර්ධන අලව්ව සංස්කෘතික බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත්, එන්. එස්. කලාජීව යන මහත්ම මහත්මීන් කලාකරුවන් රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.