මත්පැන් බීමට මුදල් ඉල්ලා බිරිය සමඟ ආරවුලක් ඇතිකරගත් බස් රථ රියදුරෙකු පසු ගිය (29) දා රාත්‍රි සිය නිවස තුළදී ගෙල වැලලාගන මිය ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
කැස්බෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකු ලෙස සේවය කරන අඟුරුවාතොට, උඩුවර, උක්කල්ල පදංචි අරුණ ද සිල්වා නැමති 43 හැවිරිදි තිදරු පියෙකු මෙසේ සිය දිවි හානිකරගන ඇතැයි පොලිසිය කියයි.
පසුගිය (29) දා සවස සේවය නිමවා රාත්‍රී 7.30ට පමණ මත් පැන් පානය කර නිවසට පැමිණ ඇති මරණකරු තවත් මත් පැන් පානය කිරීමට සිය බිරියගෙන් මුදල් ඉල්ලා ඇය සමඟ ආරවුලක් ඇතිකරගන තිබේ. දිගින් දිගටම බණිමින් සිය නිවසේ කාමරයක් තුළටවී දොර වසාෙගන බිරිය හා දරුවන්ට දිගින් දිගටම බැණවැදී ඇති අතර, එය ඉවසා ගතනොහැකි බිරිය දරුවන් සමඟ අසල පිහිටි තම මවගේ නිවස වෙත ගොස් ඇත.
රාත්‍රී 9.00ට පමණ සිය පුත්‍රයා නිවසට පැමිණ පරික්ෂා කිරීමේදී නිවසේ ආලින්දයේ විදුලි ලාම්පු නිවා දමා තිබීම නිසා පියා සිටි කාමරයට එබී බලා ඇත. සිය පියා කාමරයේ බාල්කයක එල්ලී සිටින අයුරු දැක බියපත්ව සිය මවට කෑගසා ඒ බව දැනුම්දී ඇත. බිරිය හා අසල්වැසියන් පැමිණ ඔහුව කඩිනමින් හොරණ රෝහලට ගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබු බව රෝහලේ සේවක පිරිස් කීහ.