යතුරුපැදියකින් පැමිණ තියුණු ආයුධයක් පෙන්වා මහ මඟ යන කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් සැකකරුවෙකු එලෙස කොල්ලකෑ පවුම් තුන් කාලක් පමණ බර රන්මාලයක් සමඟ පොකුණුවිට ප්රදේශයේදී 27දා අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ ප්රකාශ මත සොරබඩු බැහැර කිරීම සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිස් බල ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමඟ කොල්ලකෑමට යොදා ගත් යතුරුපැදිය, මන්නයක්, හෙල්මට් හා ඇඳුම් ද අනෙක් සැකකරුගේ නිවෙසේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.
හොරණ, වගවත්ත ප්රදේශයේදී පසුගිය 24 දින තියුණු ආයුධ පෙන්වා කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලයක් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී හොරණ පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන් 35477 ලලිත් නිලධාරියාට මෙම සැකකරු පිළිබඳ ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.