Home » පිම්මේ ආ වෑන් රියට යතුරුපැදියේ ආ තරුණයා බිලි

පිම්මේ ආ වෑන් රියට යතුරුපැදියේ ආ තරුණයා බිලි

by sachintha
December 1, 2023 1:00 am 0 comment

යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලී නාවල්කාඩු ප්‍රදේශයේදී පසුගියදා (02) යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ විසි දෙහැවිරිදි තරුණයකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.

යාපනයට භාණ්ඩ බෙදා හරින වෑන් රථයක යතුරුපැදිය ගැටී ඇත්තේ දැඩි වර්ෂාව පැවති අවස්ථාවකදී වන අතර, වෑන් රථයේ රියැදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදු කළ වෑන් රථයේ රියැදුරුට ප්‍රදේශවාසීන් පහර දී වෑන් රථයට ගිනි තැබීමට උත්සාහ කොට ඇති අතර, පොලිසිය මදිහත් වී සිද්ධිය වළක්වා ගැනිණ.

අනතුරෙන් මියගොස් ඇත්තේ 22 හැවිරිදි සිවනේසන් සියාන් නමැත්තෙකි. මියගිය තරුණයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා අච්චුවේලි රෝහලට බාර දී ඇති අච්චුවේලි පොලිසිය වෑන් රථයේ රියැදුරුව අත්අඩංගුවට ගෙන අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT