Home » කටුකුරුන්ද ස්පීඩ් අප් ඉරිදා

කටුකුරුන්ද ස්පීඩ් අප් ඉරිදා

by mahesh
December 1, 2023 1:00 am 0 comment

ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට් (SLAS) සංවිධාන කරන කටුකුරුන්ද ස්පීඩ් අප් 2023 මොටර් රථ ධාවන තරගාවලිය ඉරිදා (3) කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තෙවැනි වරට සංවිධාන කරන තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 16ක් ඇතුළත්ව ඇත. මෙරට මෙන්ම විදේශිය මෝටර් රථ තරග ශූරයන් සියල්ලම මේ තරගාවලියට එක් වීමට නියමිත බව පසුගියදා ජාතික ඔලිම්පික් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට් සභාපති අශර් හමීම් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ සියලු සාමාජික සංගම් එකම ධාවන පථයක් වෙත උද්‍යෝගිමත් තරගාවලියක් වටා එක් රැස් කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බවයි. මෙවර තරගාවලියට නිපෝන් පේන්ට් ප්‍රධාන අනුග්‍රාහකත්වය පිරිනමා ඇති අතර, ආර්ථික අර්බුදය හමුවේ නිපෝන් පේන්ට් ක්‍රීඩාවට ලබාදෙන අනුග්‍රාහකත්වය ඉතාමත් අගය කරන බවත් අශර් හමීම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

මේ තරගාවලියෙන් ලැබෙන ලාභයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ළමා පිළිකා භාරය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. මේ මාධ්‍ය හමුවට ජාත්‍යන්තර ධාවන ශූර ඩිලන්ත මාලගමුව, අශාන් සිල්වා, ඇතුළු ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.

නිපෝන් පේන්ට් ආයතනයේ සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට් සභාපති අශාර් හමීන් වෙත අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු. ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT