Sunday, May 11, 2025
Home » උගන්ඩාව පළමු වරට විස්සයි20 ලෝක කුසලානයට
සිම්බාබ්වේ ඉවතට ඇදදමා

උගන්ඩාව පළමු වරට විස්සයි20 ලෝක කුසලානයට

by mahesh
December 1, 2023 1:00 am 0 comment

ලබන වසරේ පැවැත්වෙන අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි වී ගියේය. උගන්ඩාව ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ අවස්ථාව උදා කර ගත් බැවින් මෙලෙස සිම්බාබ්වේට අවස්ථාව අහිමි විය. උගන්ඩාව අයිසීසී ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වන පළමු අවස්ථාව මෙයයි.

අප්‍රිකානු කලාපයෙන් සුදුස්සන් තේරීම සඳහා පැවති තරගාවලියේදී ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම කෙන්යාවට එරෙහිව ලකුණු 110ක දැවැන්ත ජයක් හිමි කර ගත්තද උගන්ඩාව විසින් කඩුලු 9කින් රුවන්ඩාව පරාජය කිරීමත් සමඟ සිම්බාබ්වේ පිල තෙවැනි ස්ථානයට වැටිණි.

නැමීබියාව, උගන්ඩාව සහ සිම්බාබ්වේට අමතරව නයිජීරියාව, රුවන්ඩාව හා ටැන්සානියාව ද අප්‍රිකානු තරගාවලියට එක් විය. මේ තරගාවලියේදී උගන්ඩාව නැමීබියාව හමුවේ පමණක් පරාජය වූ අතර, සිම්බාබ්වේ කණ්ඩායම නැමීබියාව සහ උගන්ඩාව හමුවේ පරාජය විය.

මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක පමණක් ලෝක කුසලාන තරගාවලියට එක් වන අතර, නැමීබියාව මින් පෙර තරගයක් ඉතිරිව තිබියදී එම අවස්ථාව උදා කර ගෙන තිබිණි.

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20ක් එක් වන අතර, එහි 19 වැනි කණ්ඩායම බවට නැමීබියාව පත් වූ අතර, 20 වැනි කණ්ඩායම ලෙස උගන්ඩාව ඊයේ එම අවස්ථාව හිමි කර ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT