බටපොළ මහ විදුහල සමඟ පැවති අන්තර් පාසල් අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කාණ්ඩයේ ටියර් බී තරගයකදී වාර්තාගත පන්දු යැවීමක නිරත වීමට අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල් කණ්ඩායමේ විහඟ ඉඳුවර සමත් විය.
රාජපක්ෂ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ බටපොළ විදුහල් පිළිතුරු ඉනිමේදී ඕවර 6ක් ක්‍රියාත්මක කළ විහඟ ඉඳුවර ලකුණු 8ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී පිතිකරුවන් 10 දෙනාම දවා ගැනීමට සමත් වූ අතර, එය නව පාසල් තරග වාර්තාවක් බවට ද පත් විය.
මේ තරගයෙන් ලකුණු 128ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ද රාජපක්ෂ විදුහල් පිලට හැකි විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජපක්ෂ විදුහල ලකුණු 176ක් රැස් කළේ නායක සප්න චමෝද්‍ය රැස් කළ ලකුණු 73 සමඟිනි. පිළිතුරු ලෙස බටපොළ විදුහලට ඕවර 12කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 48ක් පමණි. මෙහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ විහඟ ඉඳුවර ලකුණු 8කට කඩුලු 10ම බිඳ දැමූ අතර, ඔහු ක්‍රියාත්මක කළ ඕවර 6න් 3ක් නිලකුණු ඕවර බවට ද පත් විය. විහඟ අවුරුදු 17න් පහළ දකුණු පළාත් කණ්ඩායම ද නියෝජනය කරයි.
රාජපක්ෂ විදුහල් පිල – 176 (ඕවර 24) සප්න චමෝද්‍ය 73, පැහැසර දිනිදු 42 (රනුක් දියුනක 70/5, චතුක හිරෝෂිම 34/3)
බටපොළ මහ විදුහල් පිල – 48 (ඕවර 12) අරෝෂ ගීත්ම 27 (විහඟ ඉඳුවර 8/10)