Home » ජනපති සහ ග්‍රීසියේ අගමැති අතර හමුවක්

ජනපති සහ ග්‍රීසියේ අගමැති අතර හමුවක්

by chanaka
December 2, 2023 12:54 pm 0 comment

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස් මිට්සොටාකිස් (Kyriakos Mitsotakis) මහතා අතර හමුවක් ඊයේ (01) සිදු විය.

දෙරට අතර සමීප සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපතිවරයා විසින් ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT