රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැනවූ මාසයක පාර්ලිමේන්තු තහනම අද(02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පමණක් විපක්ෂය ඡන්දය ප්‍රකාශ කළේය.
එම ඡන්ද විමසීමට විරෝධය පලකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබෙන් ඉවත්ව ගියේය.
අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාට මසක කාලයකට පාර්ලිමේන්තුව තහනම් කිරීමට නිර්දේශ කර තිබුණේ, පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවේ බහුතර සමාජිකයන්ගේ නිර්දේශ අනුවය.
පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අදාළ මන්ත්‍රීවරු තිදෙනා අතර ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධ පැමිණිලි විමර්ශනය කළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කථානායකවරයා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත්කරන ලදි.
එම කමිටුව පාර්ලිමේන්තුවේ සීසීටීවි දර්ශන සහ සමාජ මාධ්‍යයේ සංසරණය වූ දර්ශන නීරික්ෂණය කර සැකසූ වාර්තාව පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට යොමුකර තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාව කළ විමර්ශනයෙන් පසුව අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාට මාසයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට නිර්දේශ කළේය.