Saturday, May 10, 2025
Home » කලාවැවේ තනි දළයාටත් වෙඩි

කලාවැවේ තනි දළයාටත් වෙඩි

by chanaka
December 2, 2023 1:40 pm 0 comment

කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලබා තිබේ.

මෙම ඇතා කලාවැව ජාතික වනෝද්‍යානයේ ස්ථිර ලෙස වාසය කරන දැවැන්තයෙකි.

ඇතාගේ සිරුරේ වෙඩි පහරවල් රැසක් පවතින බවත් මීට දින කිහිපයකට පෙර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති.

ඇතාගේ ඉදිරි පාදයේ දක්නට ලැබෙන වෙඩි පහරවල් බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි බවද ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පෙන්වාදෙති.

එම නිලධාරීහු මේ වන විට ඇතාට ප්‍රතිකාර කරමින් සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT