403
කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්රහාරයන්ට ලක්ව තුවාල ලබා තිබේ.
මෙම ඇතා කලාවැව ජාතික වනෝද්‍යානයේ ස්ථිර ලෙස වාසය කරන දැවැන්තයෙකි.
ඇතාගේ සිරුරේ වෙඩි පහරවල් රැසක් පවතින බවත් මීට දින කිහිපයකට පෙර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති.
ඇතාගේ ඉදිරි පාදයේ දක්නට ලැබෙන වෙඩි පහරවල් බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි බවද ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පෙන්වාදෙති.
එම නිලධාරීහු මේ වන විට ඇතාට ප්‍රතිකාර කරමින් සිටිති.