Home » ඉදිරි පැය 36 තුළ අපේක්‍ෂිත කාලගුණ තත්ත්වය ගැන දැනුම් දීමක්

ඉදිරි පැය 36 තුළ අපේක්‍ෂිත කාලගුණ තත්ත්වය ගැන දැනුම් දීමක්

by chanaka
December 2, 2023 9:16 pm 0 comment

ඉදිරි පැය 36ක කාලය තුළ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවය.

දිවයිනේ සෙසු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින්විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇතිවන බවද සඳහන් කරයි.

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය, අද (02) පස්වරුව වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී උතුරු අක්ෂාංශ 10.5° සහ නැගෙනහිර දේශාංශ 84.1° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 380ක් පමණ ඊසාන දෙසින් පැවති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය හෙට (03) වනවිට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT