Saturday, May 10, 2025
Home » ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන් රවී ජුවලර්ස් පිදුම් ලබයි

ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන් රවී ජුවලර්ස් පිදුම් ලබයි

by gayan
December 2, 2023 1:00 am 0 comment

මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී මහා පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උලෙළේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් වෙත සම්මානය පිරිනමන ලදි.

ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන කොළඹ Sea Street හි පිහිටි ස්වර්ණාභරණ ආයතන රැසක් අතරින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උලෙළකදී සම්මානයක් දිනූ පළමු ස්වර්ණාභරණ නිෂ්පාදකයා බවට පත් වීමට ද රවී ජුවලර්ස් සමත් විය. 1968දී ඇරැඹූ රවී ජුවලර්ස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් සපිරි පිරිසිදු ස්වර්ණාභරණ නිෂ්පාදනය සඳහා කැප වී සිටී. වර්තමානයේදී දෙස් විදෙස් පාරිභෝගිකයන් අතර ඉහළ විශ්වාසයක් දිනා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

රත්රන්, රිදී හා ප්ලැටිනම්වලින් නිපදවූ මාල, වළලු, මුදු, පෙන්ඩන්ට්, බ්‍රේස්ලට් සහ කරාබු රවී ජුවලර්ස්හි වැඩිම ඉල්ලුමක් සහිත නිෂ්පාදන අතර වේ. එසේම මංගලාභරණ නිපදවීමේ ප්‍රමුඛයෙකු වීමටද රවී ජුවලර්ස් සමත් වී ඇත.

රවී ජුවලර්ස් නිපදවන සෑම ස්වර්ණාභරණයක්ම නවීන මෝස්තරවලින් සහ විශිෂ්ටත්වයෙන් පරිපූර්ණය. අවංකභාවය සහ අඛණ්ඩභාවය යන මූලධර්ම මත පදනම් වූ ලොව සුපතළ ව්‍යාපාරයක් වන රවී ජුවලර්ස් වසර 55ක් වැනි දීර්ඝ කාලයක් පුරා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු ලෙස ඉහළ කීර්ති නාමයක් සහ ජයගග්‍රහණ රැසක් ලබා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT