300
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව ‘ප්‍රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරිණි. මෙය, එම ආයතන එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘Act Early for Autism’ ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි. රුපියල් මිලියන 45 ඉක්මවූ ආයෝජනයකින් සහ නවීන පහසුකම්වලින් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කර ඇති මෙම මධ්‍යස්ථානය, ඕටිසම් ලක්ෂණ (ASD) සහිත දරුවන් හට සුබදායී බලාපොරොත්තුවක් හිමිකරදීම සඳහා අවශ්‍ය පරිපූර්ණ සහයෝගය ලබාදීමේ වැදගත්කම කෙරෙහි CDB සහ SLACD ආයතන තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු කරයි.