ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් නිරතුරුවම කටයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම “SPARKS” 10 වැනි අදියරේ ශිෂ්‍ය තනාපතිවරුන් කණ්ඩායම පිළිගැනීමේ වැඩසටහන පසුගියදා සංවිධානය කරන ලදී. මෙම ශිෂ්‍ය තානාපති කණ්ඩායම සඳහා විශ්වවිද්‍යාල 10ක් නියෝජනය කරමින් උපාධි අපේක්ෂකයින් 26 දෙනෙකු ඇතුළත් විය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, මෙරට විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ නායකත්ව කුසලතා මෙන්ම ආත්මාභිමානය වර්ධනය කිරීම සහ සිය සම වයස් කාණ්ඩවල මිතුරු මිතුරියන් අතර ධනාත්මක බලපෑමක් නිර්මාණය කරන පුද්ගලයන් බවට පත්වීමට ඔවුන් දිරිගැන්වීමයි.මෙය ස්වේච්ඡා ශිෂ්‍ය තනාපති වැඩසටහනක් වන අතර, තෝරාගත් උපාධි අපේක්ෂකයන් වසරක කාලයක් සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් ලෙස පත් කරනු ලබයි. මෙම වැඩසටහන 2014 දී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් ආරම්භ කරන ලද අතර, පසුව එය ලොව පුරා පිහිටි යුනිලිවර් ආයතන විසින් ද අනුමත කරන ලදී.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය. “මෙවර SPARKS වැඩසටහන වෙනුවෙන් තෝරාගත් දක්ෂ තරුණ තරුණියන් සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන දේශීය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා අපගේ කැපවීම පිළිබඳව හොඳම උදාහරණයක්. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ විශ්වවිද්‍යාල අතර මනා සබඳතාවයක් නිර්මාණය කරන්නන් ලෙස මෙම වැඩසටහනට සහභාගි වන සිසුන් වසරක් පුරාවට ශිෂ්‍ය තානාපතිවරුන් ලෙස කටයුතු කරනවා. මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට තම ආයතනයේ නායකයින් ලෙස ඔවුන් සතු ශක්තිය හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටයි. SPARKS වැඩසටහන වෙනුවෙන් උපාධි අපේක්ෂකයන් අතර ඉහළ පිළිගැනීමක් ගොඩනැඟී තිබෙන අතර, පසුගිය වසරවලදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සීමාවාසික පුහුණුව හා ස්ථිර භූමිකාවන් සඳහා ද SPARKS ශිෂ්‍ය තානාපතිවරුන්ගෙන් 55% ක් පමණ තේරී පත් වී තිබෙනවා. අඛණ්ඩව 10 වැනි වරටත් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂක තරුණ තරුණියන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරමින් ඔවුන් ‘අනාගතයට සුදුසු’ පිරිසක් බවට පත් කිරීම වෙනුවෙන් දක්වන යුනිලිවර් ශ්‍රී ලංකා හි තිරසර ප්‍රවේශය මැනවින් පෙන්නුම් කරනු ලබනවා.”