Home » තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් රැකෙන ආබාධිත අයිතිවාසිකම්

තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් රැකෙන ආබාධිත අයිතිවාසිකම්

by gayan
December 2, 2023 1:00 am 0 comment

(දෙසැම්බර් 03දාට යෙදෙන ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි.)

මව් කුසකින් බිහිවන අපට ජිවත් වීමට එ‍ක හා සමාන අයිතිවාසිකමක් තිබේ. එය නීති පද්ධති තුළ සුරක්ෂිත කර තිබෙන්නේ මානව අයිතිවාසිකම් ලෙසටය.

කොතරම් මානව අයිවාසිකම් තිබුණ ද ඇතැම් අවස්වථාවලදී ඒවා කඩවන අවස්ථා දක්නට ලැබෙයි. එවැනි අවස්වලදී අපට තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන යොදා ගනිමින් අයිවාසිකම් රැක ගැනීමට ක්‍රියාත්මක විය හැකිය. එසේම ශ්‍රී ලංකාවේ පුරවැසියාගේ මූලික අයිතියකමක් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය සැලකේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 2016 සිට අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත බලගන්වන ලදී. එම පනතේ 23 (1) වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම තමන්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීමට‍ ඇති අයිතිය තහවුරු කර තිබේ. තොරතුරුතුරු දැන ගැනීමේ අයිතිය භාවිතා කිරීම තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාකම් දිනා ගැනීමට සුවිශේෂි හැකියාවක් තිබේ.

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් පහසුවෙන් දිනා ගැනීමට හැකිවීම එයට මූලික හේතුවයි. එනම්, ආබාධ සහිත ප්‍රජාවට තොරතුරු බලා ගැනීමට ආයතනවලට යාමට අවශ්‍ය නොවීම, නිවසේ සිට අයදුම්පතකින් තොරතුරු ලබා ගැනීමට හැකිවීම, විශාල වියදමකින් තොරව විද්‍යුත් තැපෑලෙන් හෝ ලිපි මඟින් තොරතුරු ලබා ගැනීම වැනි ප්‍රවේශ තොරතුරු දැන ගැනීමේ අයිතිය තුළ දක්නට ලැබේ. විශාල ප්‍රතිලාභ තොරතුරු දැන ගැනීමේ අයිතිය තුළින් අත් කර ගැනීමට හැකි වුවද මෙරට පුද්ගලයන්ගේ නොදැනුවත්භාවය හේතුවෙන් එම අයිතිය භාවිතා නොවේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තුළින් ආබාධ සහිත ප්‍රජාවගේ ආබාධිත දීමනා හා සමාද්ධි දීමනා ලබා ගැනීමට මෙන්ම ඒවා ලබා ගැනීමට ඇති ගැටලු විසඳා ගැනීමට හැකියාවක් පවතී. තවද ආබාධ සහිත දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් නොකර ගැනීමට හේතු විමසීමට හා ආබාධ සහිත පුද්ගලයෙකු රැකියාවක් සඳහා පෙනී සිටි සම්මුඛ පරීක්ෂණයකදී ප්‍රතික්ෂේප වුවහොත් ප්‍රතික්ෂේපවීමට හේතු දැන ගැනීමට හා සම්මුඛ පරීක්ෂණයට ලබාදෙන ලකුණු පාටිපාටිය දැන ගැනීමට තොරතුරු අයිතිය තුළින් හැකියාවක් ලැබේ. තොරතුරු අයදුම්පතක් යම් ආයතනයක තොරතුරු නිලධාරීයාට විද්‍යුත් තැපෑලෙන් හෝ ලියාපංදිචි තැපෑලෙන් ඉදිරිපත් කළ විට දින 07ක් ඇතුළත අයදුම්පත්‍රය ලැබුණු බවට දන්නවා ඔහු කුවිතාසියක් ඔබට එවනු ලබයි. ඉන් පසු දින 14 ක් ඇතුළත බොහෝදුරට ඔබ ඉල්ලු තොරතුරු ලැබීමට ඉඩකඩ පවතී. ඇතැම් විට තොරතුරු ලබා දීමට දින 21 දක්වා කාලයක් ඔබගෙන් කල් ඉල්ලයි. දින 21 කින් තොරතුරු නොලැබුණ හොත් ඔබට නම් කරන ලද නිලධාරීයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේ.

මෙහිදී නම් කරන ලද නිලධාරීයා ආයතනයේ ප්‍රධානීයා වන අතර, ඔහු විසින් දවස් 3 ක් ඇතුළත අභියාච‍නය ලැබුණු බව දන්වා ඔබට කුවිතාසියක් එවනු ලබයි. ඉන් පසු දවස් 21 ඇතුළත තොරතුරු නොලැබුණ හොත් ඔබට ‌තොරතුරු කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පුළුවනි.

තිමාලි කස්තුරි ආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT