රටේ ව්‍යවස්ථාපිත ක්‍රියා පිළිවෙළ යථා තත්ත්වයට පත් කරමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වනතුරු පාකිස්තානයට ලබා දෙන ආධාර අත්හිටුවන ලෙස අමෙරිකාවේ කොන්ග්‍රසයේ සාමාජිකයන් 11 දෙනකු එරට රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් වෙත ලිපියක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානයේ දේව අපහාස නීතිය හෙවත් ඉස්ලාම් ධර්මයට අපහාස කිරිමේ නීතිය එරට ප්‍රමුඛස්ථානයක් ගෙන ඇතැයි ද, ඒ යටතේ පාකිස්තානයේ සුළුතර ආගමික ප්‍රජාවට සහ සුළුතර ජාතීන්ට හිරිහැර සහ පීඩාවන් රැසකට මුහුණ පෑමට සිදු වී ඇතැයි ද එම ලිපිය මගින් අවධාරණය කර තිබේ. පාකිස්තානයේ දිගින් දිගටම සිදු වන හිරිහැර කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අවධානය යොමු කරමින් ලියා ඇති එම ලිපියට එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා ඇති නඩු සම්බන්ධවත් කරුණු රැසක් ඇතුළත් බව වැඩිදුරටත් වාර්තා වේ. රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ඉම්රාන් ඛාන්ට මරණීය දණ්ඩනයට මුහුණ පෑමේ අවදානමක් පවතින බවත් අමෙරිකානු කොන්ග්‍රසයේ සාමාජිකයන් විසින් රාජ්‍ය ලේකම්වරයාට යවනු ලැබූ ලිපියේ සඳහන් වන බව වාර්තා වේ.