Home » ඉන්දියාවෙන් පලස්තීනයට ටොන් 32ක මානුෂීය ආධාර තොගයක්

ඉන්දියාවෙන් පලස්තීනයට ටොන් 32ක මානුෂීය ආධාර තොගයක්

by gayan
December 2, 2023 1:00 am 0 comment

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලින් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාවට ඉන්දියාවෙන් ලබා දෙන මානුෂීය ආධාරවල දෙවැනි තොගය ඊජිප්තුවට ළඟා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ඊජිප්තුවේ රතු කුරුස සංවිධානය හරහා ගාසා තීරයට ලබා දීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ. ඉන්දීය මානුෂීය ආධාර තොගය රතු කුරුස සංවිධානයට බාර දුන් බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී 17 වර්ගයේ ගුවන් යානයකින් ඊජිප්තුවට ළඟා වූ මානුෂීය ආධාර තොගය ටොන් 32කින් යුතු බවත්, ඊට ආපදා සහන සැපයුම්, කූඩාරම්, මූලික සනීපාරක්ෂක සැපයුම් ඇතුළු උපකරණ රැසක් ඇතුළත් බවත් වැඩිදුරටත් වාර්තා වේ. මීට පෙර ඉන්දිය රජය විසින් ගාසා තීරයේ පලස්තීන ජනතාවට සපයනු ලැබූ පළමු මානුෂීය ආධාර තොගය ටොන් 38කින් සමන්විත වූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT