Home » රුසියනු හමුදා ශක්තිමත් කිරීමට පුටින්ගෙන් නව පියවර

රුසියනු හමුදා ශක්තිමත් කිරීමට පුටින්ගෙන් නව පියවර

by chanaka
December 2, 2023 7:20 am 0 comment

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියානු හමුදා සංඛ්‍යාව 15% කින් වැඩි කිරීමේ නියෝගයකට අත්සන් තබා ඇත.

ඒ අනුව නව සෙබළුන් 170,000 ක් පමණ මෙම අදියරේ දී හමුදාවට එක් කර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ් අනුව රුසියානු හමුදා ශක්තිය සෙබළුන් 1,320,000 දක්වා ගෙන එනු ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙම පියවර නේටෝ ව්‍යාප්තිය ඇතුළු තර්ජන වැඩිවීමට ප්‍රතිචාරයක් බවයි.

රුසියානු – යුක්‍රේන වසර එකහමාරකට වැඩි කාලයක් පුරා පැවති සටන්වලදී රුසියාව විසින් සංඛ්‍යා ලේඛන නිකුත් නොකළද විශාල ජීවිත හානි සිදුවී ඇතැයි සැලකේ.

ක්‍රෙම්ලිනයේ වෙබ් අඩවියේ පළ කරන ලද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයේ සදහන්ව ඇත්තේ මෙම නව බඳවා ගැනීම් මෙහෙයුමක් හරහා ක්‍රමයෙන් වැඩි කරන බවත් ය.

“රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි සෙබළුන් සංඛ්‍යාව වැඩි කිරීම කොන්ත්‍රාත්තුවක් යටතේ හමුදා සේවයේ යෙදීමට කැමැත්ත ප්‍රකාශ කරන පුරවැසියන් මත පදනම්ව අදියර වශයෙන් ක්‍රියාත්මක වේ,” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT