Home » සටන් ඇවිලෙයි – ගාසාවේ භීතිය දරුණු වෙයි

සටන් ඇවිලෙයි – ගාසාවේ භීතිය දරුණු වෙයි

by chanaka
December 2, 2023 7:29 am 0 comment

ඊශ‍්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැති සටන් විරාම කාලසීමාව ඊයේ(01) අවසන් වීමත් සමඟ මේවන විට ප්‍රහාර එල්ල කිරීම දෙපාර්ශවයෙන්ම සිදුවන බව වාර්තා වේ.

ඊශ‍්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් යළි ඇරඹීම ගාසා තීරයේ ජනතාව අතර භීතිය සහ කෝපය මිශ්‍ර වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය “නපුරු සිහිනයක්” ලෙස හඳුන්වා ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

තාවකාලික සටන් විරාමයක් දීර්ඝ කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ‍්‍රායලය සහ හමාස් සටහන්කාමීන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටියි.

සටන් විරාම කාල සීමාව අවසන්ව යළි ප්‍රහාර ආරම්භ වීමත් සමඟ මේවන විට පුද්ගලයන් 170කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සටන් විරාමය අවසන් වීමෙන් පසු රෆා හරස් මාර්ගය හරහා අවශ්‍ය ආධාර පැමිණීම නතර වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පැවසීය.

සිකුරාදා උදෑසන ඊශ්‍රායල හමුදා විසින් රිංගාගත් උතුරු ගාසා තීරයේ ප්‍රදේශවලින් දරුණු වෙඩි හඬ ඇසෙන්නට වූ අතර ඊශ්‍රායල සොල්දාදුවන් සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් ඇති ව තිබෙන බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

සටන් විරාමයෙන් පසු ජෙට් ප්‍රහාරක යානා සහ ඔත්තු බැලීමේ ගුවන් යානා යොදවා ඇති අතර සටන්වල ​​තත්ත්වය වඩා දරුණු ස්භාවයක් පෙනෙන්නට තිබෙන බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT