වෛද්‍යවරයකු විසින් පදවමින් සිටි යතුරුපැදියක් යාපනයේ අරාලි ප්‍රදේශයේදී තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් පෙරේදා (30) සිදු වූ අනතුරකින් වෛද්‍යවරයා සහ ඔහු සමඟ යතුරුපැදියේ ගමන් කරමින් සිටි මිතුරකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මහේශ්වරන් මයුරන් (37) නමැති වෛද්‍යවරයා සහ ඔහු සමඟ ගමන් කළ ජයසුන්දරම් සරෝජන් (29) යන මිතුරාය. යාපනයේ අරාලි ප්‍රදේශයේ සිට යාපනය නගරය වෙත වෛද්‍යවරයා ගමන් කරමින් සිටියදී මේ අනතුර සිදුව ඇත්තේ කලුක්දෙයි ප්‍රදේශයේදී බව අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මනිප්පායි පොලිසිය සඳහන් කරයි. වෛද්‍යවරයා හා මිතුරා සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, අනෙක් යතුරුපැදියේ සිටි දෙදෙනා බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ