Home » වැලිකන්ද-සිංහපුර බස් අනතුරේ රියැදුරු රිමාන්ඩ්

වැලිකන්ද-සිංහපුර බස් අනතුරේ රියැදුරු රිමාන්ඩ්

by gayan
December 2, 2023 1:00 am 0 comment

අපරීක්ෂාකාරිව රිය ධාවනය කර අනතුරක් සිදු කොට මඟීන් 40 දෙනකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රධාන මාර්ගයේ පෙරේදා (30) පෙරවරුවේ සිදු වූ බස් අනතුරේ රියැදුරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් ෆාතිමා මිනිහා මහත්මිය

නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූයේ පොලොන්නරුව වැලිකන්ද නව මහසෙන්පුර අං පදිංචිකරුවකු වන 32 වියැති එපිටවත්තේගෙදර උදුල සමන්ත කුමාර යන අයකු බව වැලිකන්ද පොලිසිය සඳහන් කළේය. සිංහපුර පිහිටි පෞද්ගලික සහල් මෝලක සේවය කරන සේවකයන් 80ක් පමණ රැගෙන වැලිකන්ද මහසෙන්පුර ප්‍රදේශයේ සිට ධාවනය කරවමින් තිබුණු මේ බස්රිය වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී අනතුරට ලක් විය. පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාගේ මෙහෙයවීමෙන් වැලිකන්ද වැ.බ. පොලිස් ස්ථානාධිපති (පො.ප) ප්‍රදීප් සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT