කළගෙඩිහේන වේයන්ගොඩ මාර්ගයේ හල්ගම්පිටිය ප්‍රදේශයේදී පෙරේදා(30) පෙරවරුවේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ අඹ ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පැදිකරු මියගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළගෙඩිහේන තිරිවානගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක් වූ පාසල් සිසුවෙකි. මියගිය සිසුවා යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් බව හෙළි වී ඇත. අනතුරෙන් පසු බරපතළ තුවාල ලැබූ සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.යතුරු පැදියේ අධික වේගය නිසා යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුව බව වේයන්ගොඩ පොලිස් රථවාහන අංශය පවසයි. මියගිය සිසුවාගේ දේහය මේ වනවිට වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වයි.