Saturday, May 10, 2025
Home » මගේ සිහිනයත් වෛද්‍යවරියක්වීමයි දිවයිනේ 10 වැනි ස්ථානය ගත් මහනුවර උසස් බාලිකාවේ මතිෂා ෂෙරෝන් කියයි

මගේ සිහිනයත් වෛද්‍යවරියක්වීමයි දිවයිනේ 10 වැනි ස්ථානය ගත් මහනුවර උසස් බාලිකාවේ මතිෂා ෂෙරෝන් කියයි

by gayan
December 2, 2023 1:00 am 0 comment

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ 10 වැනි ස්ථානය දිනා ගැනීමට මහනුවර උසස් බාලිකා විදුහලේ මතිෂා ෂෙරෝන් රාජපක්ෂ සිසුවිය සමත් වූවාය‍.

පළමු ශ්‍රේණියේ සිට උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබ තිබෙන ෂෙරෝන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලකුණු 162ක් ලබා ගනිමිනි.

ඇගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන අයි.ටී රාජපක්ෂ මහතායි. මව මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරියක වන කේ.ජී.ඩී අමරසේන මහත්මියයි.එකම නැඟණිය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ අටවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි.

තම ජයග්‍රහණය ගැන ෂෙරෝන් මෙසේ පැවසුවාය.“මම 11 වසර වැඩ ටික 10 වැනි ශ්‍රේණියේදීම අවසන් කළා. පාසලේ විදුහල්පතිනිය නිලංකා අබේවර්ධන මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් විශාල සහයෝගයක් වගේම මඟ පෙන්වීමක් ලැබුණු නිසා මට අමතර පන්තිවලට නොයා මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වුණා. යූ ටියුබ් මගින් මම සාමාන්‍ය පෙළ විෂයන් සම්බන්ධ අවබෝධයක් ලබා ගත්තා. අනාගතයේ දී වෛද්‍යවරියක් වීමට උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන්න මම බලාපොරොත්තු වෙනවා.“

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT