Home » සිතේ සවියෙන් අපොස සා/පෙළ ජයගත් රුවනිට A සම්මාන 7ක්

සිතේ සවියෙන් අපොස සා/පෙළ ජයගත් රුවනිට A සම්මාන 7ක්

by gayan
December 2, 2023 1:00 am 0 comment

උඩුගම අධ්‍යාපන කලාපයේ ගෝණදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.රුවනි වාසනා දියණිය උපතින්ම දෙපා අහිමි දියණියක්. ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ට සම්මාන හතක් (A) සමඟ විභාගය ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කර තිබේ.

රුවනි වාසනාගේ මවට හෝ පියාට හෝ ස්ථිර රැකියාවක් නොමැත. ඇයගේ නිවෙස පිහිටා තිබෙන්නේ උඩුගම දවුල්හේන ප්‍රදේශයේ ඉතා දුෂ්කර ප්‍රදේශයකය. ගමන් කරන්නට ඇති මාර්ගය පවා දුෂ්කරය. තම දියණියගේ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා නිවසක් සාදා ගැනීමට වාහනයක් යා හැකි ප්‍රදේශයක ඉඩම් කොටසක් පරිත්‍යාගශීලියකු ලබා දෙන්නේ නම් එය මහඟු පිනක් බව ඇයගේ පියා වන ඩබ්ලිව්.එම්.තිලක් ප්‍රදීප් කුමාර මහතා පවසයි.

“මෙවර විභාගයෙන් අපේ පාසල ඉතා හොඳ ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. ඒ අතර මේ දියණියගේ ප්‍රතිඵලය ඉතාම වටිනවා. මෙතරම් බාධක තිබුණත් ඒ දියණිය අන් අයට ආදර්ශයක් දෙමින් විභාගය ඉතා ඉහළින් සමත්ව අපේ පාසලට ගෞරවයක් ලබා දී තිබෙනවා යැයි විදුහල්පති යසරත්න එම්. ගමගේ මහතා පැවසීය.

හිනිදුම – රවින්ද්‍ර ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT