Saturday, May 10, 2025
Home » ගම්පහ සිරි කුරුස විදුහලේ දුල්මිණීට සාමාන්‍ය පෙළ විශිෂ්ටයන්ගෙන් සිව් වැනියා

ගම්පහ සිරි කුරුස විදුහලේ දුල්මිණීට සාමාන්‍ය පෙළ විශිෂ්ටයන්ගෙන් සිව් වැනියා

by gayan
December 2, 2023 1:00 am 0 comment

ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ දුල්මිණී සදීපා දිසානායක මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් අතර සිව් වන ස්ථානයට පත්ව සිටී.
ඇයගේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබා ස්නායු විශේෂඥ වෛද්‍යවරියක වීමයි.
ඇයගේ මව නදීකා දිල්රුක්ෂි මහත්මිය, මිරිස්වත්ත කැප්පෙටිපොළ ජාතික විදුහලේ ගුරුවරියක වන අතර පියා ජීවන්ත දිසානායක කැළණිය විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.
දුල්මිණී පවසනුයේ ඇය සියලු විෂයන්ට ප්‍රමුඛතාවය ලබා දුන්නේ පාසල් අධ්‍යාපනය හරහා බවයි.
මුල් කාලයේ කිසිඳු බාහිර පන්තියකට සහභාගි වුණේ නෑ. නමුත් සාමාන්‍ය පෙළ ආසන්න කාලයේදී ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පන්ති කිහිපයකට සහභාගි වුණා.මට පාසලේ ගුරුවරුන් ගොඩාක් උපකාර කළා.මම එදිනෙදා වැඩ ඒ දිනයන්හිදීම කළා .මේ නිසා විභාගයට මාස තුනකට පෙර විෂයමාලාව අවසන් කර පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියන්නට මට හැකි වුණා. පාසල් වැඩ පමණක් නොවේ මම බාහිර ක්‍රියාකාරකම්වලටත් යොමු වුණා.මගේ ජයග්‍රහණය වෙනුවෙන් මට උදව් කළ විදුහල්පතිනිය ඇතුළු ගුරු මඩුල්ලටම මගේ ප්‍රණාමය පිරිනමනවා යැයි ද දුල්මිණී පවසන්නීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT