මෙවර විභාග ප්‍රතිඵලවලට අනුව තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ අලහකෝන් මුදියන්සේලාගේ අරිත මින්සඳු අලහකෝන් සිසුවාය.
පළමු වසරේ සිටම රාජකීය සිසුවෙක් වන ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් ද ලකුණු 185ක් ලබාගෙන ඇත.
ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට හත්වැනි පන්තියේ සිට සහභාගිවන මෙම සිසුවා එතෙක් මෙතෙක් කාලය තුළ ඉදිරිපත් වූ සෑම තරගාවලියකින්ම පදක්කම් හිමිකරගෙන තිබීම විශේෂිතය. එසේම මෙම සිසුවා පියානෝ වාදනයට දක්වන්නේ උපන් හැකියාවකි. පියානෝ වාදන තරගවලින් ද ඔහු ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත.
රාජගිරිය වලව්වත්ත පාරේ පදිංචි මෙමම සිසුවාගේ පියා ප්‍රසන්න අලහකෝන් පුද්ගලික සමාගමක විදුලි ඉංජිනේරුවරයෙක් ලෙස සේවයේ නිරතව සිටින අතර මව අනූජා පෙරේරා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නීය.
මෙම සිසුවාගේ සහෝදරිය අනුකි අලහකෝන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවියකි.