- නැවත සමීක්ෂණ අයදුම්පත් සඳුදා සිට 18 දා තෙක්
- විභාග කොමසාරිස් ජනරාල්
පෙර වසරවලට සාපේක්ෂව මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව උසස් පෙළට සුදුසුකම් ලැබූ දරුවන්ගේ සංඛ්‍යාවෙහි සාධනීය වර්ධනයක් පෙන්නුම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (1) ප්‍රකාශ කළේය. නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අනිද්දා (4) සිට 18 වැනිදා දක්වා සිදු කෙරෙන බවද එහිදී සඳහන් විය.
මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ කොටුවේගෙදර සමාධි අනුරාධා රණවක, දෙවැනි ස්ථානය යාපනයේ වෙම්බඩි බාලිකා උසස් විද්‍යාලයේ ආක්ශෙයා අනන්දසයානන්, තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ අලහකෝන් මුදියන්සේලාගේ අරිත මින්සඳු අලහකෝන්, හතරවැනි ස්ථාන දෙකක් වන අතර කොළඹ රාජකීය විද්‍යාලයේ සඳයුරු සනහස් ආරියසිංහ සහ ගම්පහ සිරි කුරුස බාලිකා විද්‍යාලයේ දුල්මිණි සදීපා දිසානායක, හයවැනි ස්ථාන හතරක් වන අතර ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙදෙනකු වන අමාවි උත්පලිනි සිරිවර්ධන සහ සචින්ති මෙතුමිණි, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ සෙව්මික පබසර, ත්‍රිකුණාමලය ශ්‍රී ෂම්මුග හින්දු බාලිකා විද්‍යාලයේ දර්ශනා කෝණේශ්, දහවැනි ස්ථාන දෙකක් වන අතර කොළඹ මියුසියස් විද්‍යාලයේ අසිස්යා හේවගේ හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ මතීෂා ෂෙරෝන් රාජපක්ෂ හිමි කරගෙන තිබෙන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 473,014 කි. ඉන් පාසල් අයදුම්කරුවන් 394,878 වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 78,136 කි. සමස්ත අයදුම්කරුවන්ගෙන් 428,299ක් මෙවර විභාගයට පෙනී සිටි අතර, ප්‍රතිශතයක් ලෙස එය 90.54%ක් බවත්, එය ඉතා සාධනීය තත්ත්වයක් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන ආකාරයට අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පළාත් වශයෙන් විශ්ලේෂණය කළ විට පළාත් 4ක් ඉදිරියෙන් සිටින බවත්, පළමු ස්ථානය දකුණු පළාත ජයග්‍රහණය කරන අතර එය ප්‍රතිශතයක් ලෙස 77.57%කි. සබරගමුව පළාත දෙවැනි ස්ථානයට සිටින අතර එය 75.10%කි. තෙවැනි ස්ථානය බස්නාහිර පළාත වන අතර එය 74.92%කි. සිව්වැනි ස්ථානය වයඹ පළාත දිනාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 74.50%කි.
“උසස් පෙළ පන්තියට ඇතුළු වීමේ සුදුසුකම ලෙස විෂයයන් 5ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සමත් විය යුතුය. 317,654ක් අතුරින් 236,041ක් 74.31%කි. මේ ප්‍රතිශතය පසුගිය වසර කිහිපය සමඟ සංසන්දනය කිරීමේදී යම් ක්රමික වර්ධනයක්. 2014දී 69.02%කි. 2015 වසරේදී 69.33%කි. 2016දී 69.4%කි. 2017දී 73.05%කි. 2018දී 75.09%කි. 2018දී 73.84%කි. 2020දී 76.59%කි. 2021දී 74.51%කි. 2022දී 74.31%කි. මේ ප්‍රතිශත සලකා බැලීමේදී දරුවන්ගේ සාධනීය ක්රමික වැඩි වීමක් පවතිනවා” යැයිද ජයසුන්දර මහතා පැවසුවේය.
ඉතා නිවැරදි වූ ප්‍රතිඵලයක් දීමට කාර්යමණ්ඩලයට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූයේයැයිද, විභාගය සාර්ථකව පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා සහාය වූ සියලු දෙනාට ස්තුතිය පිරිනමන්නේයැයිද ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
සන්ධ්‍යා කරුණාරත්න