විදේශ රටවල ඇති මෙරටට අයිති කෞතුක භාණ්ඩ ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹ ජාතික කෞතුකාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
තවදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේ ද පැවසීය.
05-06 දිනවල එම භාණ්ඩ පිළිබඳව පර්යේෂණ කිරීම, අධ්‍යයනය කිරීමේ කටයුතු සඳහා අවස්ථාව ලබාදෙනවා.
05 වැනි දින ආරම්භ වන කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය දිගුකාලීනව පවතිනවා. මෙම කෞතුක භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය-
මෙරටට අයිති වැදගත් තවත් කෞතුක භාණ්ඩ රැසක් නෙදර්ලන්තයේ තිබෙනවා. ඉදිරියේදී ඒවා අපි ලබා ගන්නවා.
මෙම මස 5 වැනි දින කොළඹ ජාතික කෞතුකාගාරයේ දී නෙදර්ලන්තයෙන් මෙරටට ලැබුණු කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට විවෘත කරනවා. නෙදර්ලන්තයේ කෞතුකාගාරවල තවත් ශ්‍රී ලාංකික කෞතුක භාණ්ඩ තිබෙනවා. පෞද්ගලික එකතුවලත් එවැනි දේ පවතිනවා. නෙදර්ලන්තයේ කෞතුකාගාරවල තිබෙන භාණ්ඩවලින් මෙරට ඉතිහාසයට විශේෂ වැදගත්කමක් තිබෙන කෞතුක භාණ්ඩ කොටස් වශයෙන් ඉදිරි අවස්ථා කිපයකදීම මෙරටට ලැබීමේ අවස්ථාව නෙදර්ලන්ත රජය සලකා බලමින් සිටිනවා. මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා සියලු දෙනාට ආරාධනා කර සිටිනවා.
මෙම භාණ්ඩ සමඟ නෙදර්ලන්ත විශේෂඥයන් කණ්ඩායමක් ද මෙරටට පැමිණ තිබෙනවා. නෙදර්ලන්තයේදී මෙරටට වෙනස් දේශගුණික තත්ත්වයක් යටතේ තැන්පත් කර තිබූ මෙම කෞතුක භාණ්ඩ මෙරට දේශගුණික තත්ත්වයන් යටතේ තැබීම පිළිබඳව කටයුතු කරමින් සිටිනවා.
ලෙව්කේ කාලතුවක්කුව (1746-47)
මෙය නිෂ්පාදනය කර තිබෙන්නෙ බටාවියා හෝ නෙදර්ලන්තයේය. පසුව ලෙව්කේ දිසාව මෙහි සැරසිලි කැටයම් කර තිබේ. පසුව රාජාධිරාජසිංහ රජතුමාට පරිත්‍යාග කර ඇති බව පැවසෙනවා. ඒ අනුව අදාළ රටවල තාක්ෂණය සමඟ මෙරට තාක්ෂණය ද මෙම කාලතුවක්කුව සඳහා එක් වී තිබෙනවා. රන් කඩුවක් ද නෙදර්ලන්තයෙන් මෙරටට ලැබී තිබෙනවා. මෙය කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට අයත් බව පැවසෙනවා.
ඡායාරූපය – සුදත් මලවීර
උපාලි කරුණාරත්න