Home » ඩයනා-සුජිත්-රෝහණට මසක මැතිසබ තහනමක්

ඩයනා-සුජිත්-රෝහණට මසක මැතිසබ තහනමක්

ආචාරධර්ම කමිටුවෙන් නිර්දේශ

by gayan
December 2, 2023 1:00 am 0 comment

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර දිසානායක යන පිරිස අතර ඇති වූ සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් අදාළ මහජන නියෝජිතයන් තිදෙනාට පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාරධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට ඊයේ (1)

නිර්දේශ කර ඇත.

ඒ නිර්දේශ ඇතුළත් වාර්තාව වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවේ සභාපති හිටපු කථානායක, මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කරනු ලැබීය. මේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනකදී බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිතය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ පුස්තකාලය ආසන්නයේදී සිදු වූ බහින්බස් වීමකින් අනතුරුව මේ ගුටිබැට හුවමාරුව සිදු වූයේ පසුගිය ඔක්තෝබර් 20 දාය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT