Home » පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී අන්දමින් කටයුතු කරන්න කිසිවකුටත් ඉඩ දෙන්න එපා

පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී අන්දමින් කටයුතු කරන්න කිසිවකුටත් ඉඩ දෙන්න එපා

අගමැති දිනේෂ් ගුණවර්ධන

by gayan
December 2, 2023 1:00 am 0 comment

පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (01) දැඩිව ඉල්ලා සිටියේය.

ප්‍රශ්න ඇසිය යුත්තේ කෙසේ දැයි රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා කථානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වූ අගමැතිවරයා එසේ පැවසීය.

අගමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.-

පාර්ලිමේන්තුව විහිළුවක් හා නාඩගමක් බවට පත් නොකරන ලෙසත් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම උදෑසන නාඩගමක් මෙන් පෙනෙනවා.දේවාලයේ නැටුමක් මෙන් මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම නරක නාමයට පත්විය නොහැකියි. මහජන නියෝජිතයින් ලෙස අපි යන දවසට මෙම ස්ථාවර නියෝග ඉතුරු කර යා යුතුයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර තිබෙනවා. එබැවින් ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තීරණයක් ලබා දිය යුතුයි. විපක්ෂ නායකවරයා 27-2 යටතේ නියමිත ප්‍රශ්නය ඇසීමේදී ඒ සමඟ ම වෙනත් ප්‍රශ්නයක් ඇසුවා.

ඒ අනුව ලබා දී ඇති 27-2 ප්‍රශ්නයට අමතරව තවත් 27-2 ප්‍රශ්නයක් ඇද්දැයි ඇසූ අගමැතිවරයා, කථානායකවරයා මේ ගැන එක් නියෝගයක් ලබා දිය යුතුයි. එය හෙට සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතුයි. කථානායකවරයාට හෝ විපක්ෂ නායකවරයාට අවශ්‍ය නම් ස්ථාවර නියෝග අවභාවිත කළ හැකි වුවත්, ආණ්ඩු පක්ෂයට එසේ කළ නොහැකියි.තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන දිනක, අදාළ ස්ථාවර නියෝග අනාගතයට ආරක්ෂා කර දී යා යුතුයි.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත්, පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතුයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව අර්සිකින් මේ විසින් ලියූ පොත වසරින් වසර මුද්‍රණය වෙනවා.වසරින් වසර පිළිවෙත් හා ක්‍රියාපටිපාටි වර්ධනය වෙමින් ගොඩනැඟෙනවා.

ගරු කථානායකතුමනි,

රාජ්‍ය අමාත්‍යතුමා අහන ප්‍රශ්නයට, අපි කැමතියි ඔබතුමාට ගෞරවයෙන් පිළිතුරක් දෙන්න කියන්න. 27/2 ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායකතුමාට වරප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම අනිත් පක්ෂ නායකයන්ට වරප්‍රසාදයක් තියෙනවා. ඒකට කල්දෙනවා හෝ කල් නැතුව හරි සාමාන්‍යයෙන් අමාත්‍යවරයාට දැනුම් දීලා හරි මේ ප්‍රශ්න අහනවා. ඔබතුමා අලුත් ස්ථාවර නියෝගයක් ඇති කර තිබෙනවාද නැද්ද? මේ පාර්ලිමේන්තුව මෙහෙම වැඩ කරන්න බැහැ. හදිසියේ යමක් අහන්න තියෙනවා නම් ගිනි ගැනීමක් හරි හදිසි තත්ත්වයක් ඒක ඕන වෙලාවක විපක්ෂ නායකවරයාට හදිසියේ අහන්න හැකියි, වැල් වටාරම් කියවන්නේ නැතිව.

එහෙම නැතුව අපි කථානායකතුමනි, ඔබතුමාගෙන් මම අගමැතිතුමා ලෙස, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ විශාල අර්බුදයක් මතු වී තිබෙන නිසා පැහැදිලි ප්‍රශ්නයක් අහනවා, රජ්‍ය ඇමැතිතුමා හා අපිට කල් දීපු 27/2 යටතේ ප්‍රශ්නයට වඩා ඔබතුමා අහලා තියෙන මේ 27/2 ට අතිරේකව මොනව හරි 27/2ක් පිළිඅරගෙන තියෙනවද?. මම අහන්නේ 27/2 පිළි අරගෙන තියෙනවද?. වෙන ප්‍රශ්න නෙවෙයි මම අහන්නේ මම අහපු එකට ඔබතුමා තීරණයක් දෙන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT