Home » ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද කල් දමා තිබෙනවා

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද කල් දමා තිබෙනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by gayan
December 2, 2023 1:00 am 0 comment

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් වත්මන් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01) ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

2025 වසර දක්වා කල් දමන බව ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි බලතලයක් නැහැ.

සීමා නිර්ණය කමිටු පත් කිරීම, මුදල් නොමැති බව පැවසීම, මැතිවරණය නොපවත්වන ලෙස අධිකරණය හමුවට රාජ්‍ය පරිපාලන ලේකම් හරහා ඇපකර බාර ගැනීම නතර කිරීම, කැබිනට් තීන්දු ගැනීම, මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධ පාර්ලිමේන්තුවට කෙටුම්පත් ඉදිරිපත් කිරීම, මැතිවරණ පැවැතිය හොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි බව පැවසීම, කොමිසමේ නියෝජිතයන්ට ඉවත් වීම සහ ඉල්ලා අස්වන ලෙස බල කිරීම වැනි විවිධ උපක්‍රම අනුගමනය කරමින් මැතිවරණය කල් දැමීමට උත්සාහ කළා.

එසේම මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් වැටුප් සම්බන්ධ බරපතළ ගැටලුවලට මුහුණ දෙනවා. අදටත් ඔවුන්ට විසඳුම් නැහැ. එසේම ඔවුන්ට රාජකාරි සිදු කරන ආයතන වෙත යෑමට පවා ඉඩ නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT