Home » උත්සව සමය ඉලක්ක කරගෙන කීරි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ගෙන්වනවා

උත්සව සමය ඉලක්ක කරගෙන කීරි සම්බා මෙට්‍රික් ටොන් 100,000ක් ගෙන්වනවා

ඇමැති මහින්ද අමරවීර

by gayan
December 2, 2023 1:00 am 0 comment

එළැඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කීරි සම්බා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

පළමු අදියර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ගෙන්වා රාජ්‍ය මැදිහත් වීම යටතේ පමණක් අලෙවිය සිදු කිරීමට ආණ්ඩුව තීරණය කළා. පසුගිය මහ කන්නයේ දී වී වගා කළ ඉඩම්වලින් සියයට 07ක පමණ කීරි සම්බා වගා කළා. ඉන් මෙට්‍රික් ටොන් 5000 ක අස්වැන්නක් ලැබුණා. ඇතැම් වී මෝල් හිමියන් සහල් තොග රඳවාගෙන ඇති බවත් සහල් තොග ආනයනයත් සමඟ සහල් මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකි වුණා.

සම්බා හා කීරි සම්බා සහල් මෙට්‍රික්ටොන් 475,000 ක ප්‍රමාණයට රටට අවශ්‍ය වන අතර මෙට්‍රික් ටොන් 500,000 ක නිෂ්පාදනයක් සිදු වන බවත් ඒ අනුව අතිරික්ත සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.

පොහොර සඳහා මුදල් ගොවීන්ට අනිවාර්යයෙන් ලබා දීමක් සිදු කරන්නේ. පොහොර සම්බන්ධයෙන් ප්‍රමිතිය අඩු වීමක් සිදු කරන්නේ නැහැ.

ගොවිජන සංවර්ධන ආයතන හරහා රුපියල් 9000කට පොහොර ලබා දීමට පියවර ගන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT