Saturday, May 10, 2025
Home » මහියංගණයේ රසායනාගාරයක සායනික අපද්‍රව්‍ය සොරබොර වැවේ ජල පෝෂිත රක්ෂිතයට දාලා

මහියංගණයේ රසායනාගාරයක සායනික අපද්‍රව්‍ය සොරබොර වැවේ ජල පෝෂිත රක්ෂිතයට දාලා

ලේ, මුත්‍ර සාම්පල්,සිලින්ජරුත් ඒ අතර

by gayan
December 2, 2023 1:00 am 0 comment

  • ඉවතලූ කවරවල රසායනාගාරයේ ලිපිනයත් තිබිලා
  • බදුල්ල දකුණ සමූහ විමුක්ති සංජය පෙරේරා

මහියංගණ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ රාසායනාගරයක යැයි සැක කරන සායනික අපද්‍රව්‍ය ඩප්පි තොගයක් රිදීමාලියද්ද සේරාන යාය 8 ගම්මානයේ සොරබොර වැවේ ජල පෝෂිත රක්ෂිතයට බැහර කර තිබියදී අද (30) දහවල් සොයාගත් බව ගැමුණුපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

සේරාන යාය 8 ප්‍රදේශය හරහා මහවැලි වියාන ඇළ මාර්ගය ගමන් කරන අතර, වාරිමාර්ග දේපාර්තමේවෙන්තුවේ නිලධාරීන් විසින් මෙම කසළ තොගය දැක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කර තිබිණ. ඒ අනුව, ඊයේ (30) සේරාන වසමේ ග්‍රාම නිලධාරීවරයා සහ ගැමුණුපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ මෙම කසළ තොගය පරීක්ෂා කළ අතර, එම සායනික අපද්‍රව්‍ය මෙම ස්ථානයට රැගෙන එන්නට ඇතැයි සැක කරන කාඩ්බෝඩ් පෙට්ටිවල මහියංගණ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ රසායනාගරයක ලිපිනය සහ දුරකථන අංක ඇතුළත් බහාලුම් කිහිපයක් ද දක්නට ලැබිණ. මෙම සායනික අපද්‍රව්‍ය ඩප්පි තුළ ලේ සාම්පල් , මුත්‍ර සාම්පල් , සිලින්ජර් , පරීක්ෂණ පටි සහ ප්ලාස්ටික් කප් ඇතුළත් වූ අතර, ඇතැම් ප්ලාස්ටික් කප් තුළ ජලය පිරී මදුරු කීටයන්ද දක්නට ලැබිණ.

වෛද්‍ය රසායනාගාර තුළින් ඉවතලන සායනික අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීමේ ක්‍රමවේදයක් තිබියදී මහියංගණය මුලික රෝහලේ උසස් වෛද්‍ය නිලධාරියකුගේ යැයි සැක කරන මෙම රසායනාගාරයෙන් අවිධිමත් ලෙස මෙලෙස රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ මහජනතාවට මෙන්ම සතුන්ට ද විවිධ ආසාදන ඇති වීමේ ඉඩ කඩ පවතින බවත්, මෙයට සම්බන්ධ පිරිසට නිසි දඬුවම් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීහු අදාළල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අදාළ රාසායනාගරය දැනුම්වත් කර ඉදිරි පියවර ගන්නා බව රිදීමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය එරන්දි කරුණාතිලක මහත්මිය පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT