Home » කොන්ක්‍රීට් මිශ්‍රණය රැගත් ලොරිය පෙරළී අයෙක් මරුට

කොන්ක්‍රීට් මිශ්‍රණය රැගත් ලොරිය පෙරළී අයෙක් මරුට

by gayan
December 2, 2023 1:00 am 0 comment

කොළඹ ගාලු පාරේ අම්බලන්ගොඩ පොලිසිය අසලදී ඊයේ (01) අලුයම 4.30ට ලොරි රථයක් පාරෙන් ඉවතට පැන පෙරළීම නිසා පුද්ගලයෙකු මරමුවට පත් වී ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මොරටුව ප්‍රදේශයේ පෙරේදා (30) රාත්‍රී ගොඩනැඟිල්ලක කොන්ක්‍රීට් තට්ටුවක් දමා වැඩ අවසන්කොට බටපොළ දක්වා ආපසු එමින් සිටි පිරිසක් රැගත් ලොරි රථයක් අම්බලන්ගොඩ පොලිසිය අසලදී රියැදුරට නින්ද යාම නිසා මාර්ගයෙන් ඉවතට පැන පෙරළීම නිසා එම ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු බිමට වැටීමෙන් පසු පිටුපස තිබූ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය ඇඟ මතට පෙරළීම නිසා ඔහු එතැනම මියගොස් ඇති බවත්, තවත් හතර දෙනකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බද්දේගම පේඩ්රු වත්ත ප්‍රදේශයේ පදිංචි මනිමෙල් දුර සමන්ත ශ්‍රී ලාල් නමැති 43 හැවිරිදි එක් දරු පියෙකි. අම්බලන්ගොඩ පොලිසියේ රථ වාහන අංශය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

කරන්දෙනිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්‍මදාස සිරිවර්‍ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT