Saturday, May 10, 2025
Home » දිලිප්ට ජාත්‍යන්තර කායවර්ධන පදක්කම් ත්‍රිත්වයක්

දිලිප්ට ජාත්‍යන්තර කායවර්ධන පදක්කම් ත්‍රිත්වයක්

by gayan
December 2, 2023 1:00 am 0 comment

තායිලන්තයේ පැවති 8 වැනි කායවර්ධන සහ ශාරීරික නිරූපන ශූරතා තරගාවලියේදී රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට දිලිප් වෙන්සාකර් සමත් විය.

තායිලන්තයේ පතායා නුවරදී රටවල් 13ක් ක්‍රීඩකයන් 100කගේ පමණ සහභාගිත්වයෙන් පැවති මේ තරගාවලියේදී දිලිප් ස්පෝර්ට්ස් මොඩ්ල් අංශයෙන් සහ ජීන් මොඩ්ල් අංශයෙන් රන් පදක්කම් දිනාගත් අතර, ආධුනික කායවර්ධන අංශයෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය.

මේ ජයග්‍රහණ සමඟ දිලිප් පසුගියදා බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි අතර, ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ හිතවතුන් සහ සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT