ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මංචි අනුග්‍රහයෙන් සංවිධාන කරන මංචි කුසලානය ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් තරග හෙට (3) ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වෙයි.
හෙට සිට 5 වැනිදා දක්වා සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා මූලික වටයේ තරග පැවැත්වෙන අතර, අවසන් පූර්ව වටය සහ තෙවැනි ස්ථානය සඳහා තරගය 6 වැනිදා පැවැත්වේ. තරගාවලියේ පිරිමි මූලික වටයේ තරග ආරම්භ වන්නේ මේ මස 7 වැනිදාය.
9 වැනිදා දක්වා මූලික වටයේ තරගත්, 10 වැනිදා අවසන් පූර්ව තරග දෙක සහ තෙවැනි ස්ථානය සඳහා තරගයත් පැවැත්වෙන අතර, කාන්තා පිරිමි අවසන් මහ තරග දෙකම 24 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි තරගාවලියට කණ්ඩායම් 8ක් එක් වන අතර, කාන්තා තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 7කි. ඊට පිරිමි තරගාවලියට එක්වන වරාය අධිකාරිය නියෝජනය කරමින් කණ්ඩායමක් එක් නොවේ.
පිරිමි තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් ගුවන් හමුදාව, යුද හමුදාව, බෙස්ට් පැසිපික් සහ පොලිස් ක්‍රීඩා සමාජය තරග වදින අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව සහ ඕෂන් ලංකා කණ්ඩායම් එක් වන්නේ ‘බී’ කාණ්ඩයෙනි.
කාන්තා තරගාවලියේදී ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මාෂ් කැෂුවලයින් ‘ඒ’ කාණ්ඩයෙන් ද, යුද හමුදාව, හයිඩ්‍රාමනී, මැලිබන් සහ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජ ‘බී’ කාණ්ඩයෙන් ද තරග බිමට පිවිසීමට නියමිතය.
අවසන් වරට පසුගිය වසරේ පැවති සුපර් ලීග් තරගාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා ද්විත්වයම ජය ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.
කාන්තා තරග කාලසටහන
හෙට (3): යුද හමුදාව – ඔමේගා ලයින් (පෙ.ව. 9.00), හයිඩ්‍රාමනී – මැලිබන් (පෙ.ව. 11.30), නාවික හමුදාව – මාස් කැෂුවලයින් (ප.ව. 2.00)
4 දා: යුද හමුදාව – මැලිබන් (පෙ.ව. 9.00), ඔමේගා ලයින් – හයිඩ්‍රාමනී (පෙ.ව. 11.30), මාෂ් කැෂුවලයින් – ගුවන් හමුදාව (ප.ව. 2.00)
5 දා: යුද හමුදාව – හයිඩ්‍රාමනී (පෙ.ව. 9.00), මැලිබන් – ඔමේගා ලයින් (පෙ.ව. 11.30), ගුවන් හමුදාව – නාවිකා හමුදාව (ප.ව. 2.00)
6 දා: පළමු අවසන් පූර්ව තරගය (පෙ.ව. 9.00), දෙවැනි අවසන් පූර්ව තරගය (පෙ.ව. 11.30, තෙවැනි ස්ථානය සඳහා තරගය (ප.ව. 4.00)
24 ද: අවසන් මහා තරගය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණය (ප.ව. 1.00)