Home » ඊශ්‍රායල හමුදාව ප්‍රහාර වේගවත් කරයි- තුවාල ලැබූ දරුවන්ගෙන් රෝහල් පිරී යයි

ඊශ්‍රායල හමුදාව ප්‍රහාර වේගවත් කරයි- තුවාල ලැබූ දරුවන්ගෙන් රෝහල් පිරී යයි

by chanaka
December 3, 2023 9:09 pm 0 comment

ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට සිදු කරන ප්‍රහාර වේගවත් කර ඇත.

මේ අතර හමාස් දේශපාලන කාර්යාලය සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර අවසන් වනතෙක් ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු නොවන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි. එහි ජනතාව පවසන්නේ, යුද ගැටුම් ආරම්භ වූදා සිට ඊශ්‍රායලයෙන් මෙතෙක් එල්ල වූ දරුණුතම ප්‍රහාර මෙය බවයි.

නගරයේ නැගෙනහිර ප්‍රදේශවල සිටින සිවිල් වැසියන්ට එහි දකුණු දෙසට ඉවත්ව යන ලෙස, ඊශ්‍රායල හමුදාව දැනුම් දී ඇත.

හමාස් සංවිධානයේ ඇතැම් ප්‍රධානීන් උතුරු ගාසා තීරයෙන් පලා ගොස් එම නගරයේ සිවිල් වැසියන් වැඩි පිරිසක් නවාතැන් ගෙන සිටින ස්ථානවල සැඟව සිටින බවට, ඊශ්‍රායල හමුදාව සැක කරයි.

මේ අතර ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ඊශ්‍රායලයේ නවතම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 193 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ගාසා තීරයේ විවෘතව පවතින රෝහල්, තුවාල ලැබූ දරුවන්ගෙන් පිරී ගොස් ඇති බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT