Tuesday, May 13, 2025
Home » සුනාමි අවදානම ඉවතට

සුනාමි අවදානම ඉවතට

by chanaka
December 3, 2023 8:36 am 0 comment

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ භූ කම්පනවලින් පිලිපීනයට සහ ජපානයට පැනවූ සුනාමි අවදානම ඉවත් කර ඇත.

ඊයේ (02) රාත්‍රියේ මින්දනාවෝ දූපත ආසන්න රික්ටර් මාපකයේ 7.5 ක සහ 6.1 ක භූ කම්පන දෙකක් වාර්තාවී තිබුණි.

ඒ හේතුවෙන් සුනාමි අවදානමක් පැනවීමට බලධාරීන් කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ වනවිට සුනාමි අවදානම පහව ගොස් ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය දැනුම්දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT