867
ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබේ.
ප්‍රකට මූල්‍ය ආයතනයක් වන මැකර්රි සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30 කට අධික බවට තක්සේරු කර ඇත.
2023 වසරට අදාළව නිකුත් කරන ලද Australian Financial Review නවතම සමීක්ෂණ වාර්තාවේ මේ බව දැක්වේ.
මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ සිටින එකම කාන්තාව වන්නේද ශෙමාරා වික්‍රමනායක පමණක් වීම විශේෂත්වයකි.
එමෙන්ම මුල් ස්ථාන 50 තුළ සිටින්නේද ඇයට අමතරව තවත් එක් කාන්තාවක පමණි.
මූලාශ්‍ර උපුටා ගැනීම – AusLanka TV