ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ තිබේ.
ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෙන්ටිමීටර 40 ක පමණ උස රළ පහරක් එලෙස ගොඩබිමට පැමිණ ඇති බවයි. එසේම කුෂිමොටෝ, වකායාමා ප්‍රාන්තය සහ කොචි ප්‍රාන්තයේ ටොසාෂිමිසු ප්‍රදේශවලට ද, සෙන්ටිමීටර 20 ක සුනාමි රළ පහරක් පැමිණ ඇතැයි ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය සදහන් කර ඇත.
සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග එම දූපතේ වෙරළාසන්නව සිටි වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ජපන් බලධාරින් කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
මුහුදේ යාත්‍රා කරමින් සිටි පිරිස්වලට ද නැවත දැනුම් දෙනතුරු ගැඹුරු මුහුදු කලාපයේම රැදී සිටින්නැයි දන්වා ඇතැයි සඳහන් ය.
පිලිපීනයේ ඇතැම් ජන ශූන්‍ය ප්‍රදේශවලට ද සුනාමි රළ පහර සුළු වශයෙන් පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ වන විට භූ කම්පනයෙන් පැවති සුනාමි අවදානම පහව ගොස් ඇතැයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.
හවායි හි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ද අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් අනතුර පහව ගොස් ඇති බව පසුව නිවේදනය කළේය.